සංචාරේ -1 ( part 1) ඩන්සිනන් දිය ඇල්ල වෙත.
ගමන පටන් ගත්තෙ හරියටම සිකුරාදාවක, හොරාට නිවාඩුවකුත් දාලා,එතකොට සෙනසුරාදා ඉරිදත් එක්ක දවස් තුනක්ම ගෙඩිපිටින් ගමනටම යොදවන්න පුලුවන් නිසා.
උදේ පාන්දර පහමාරට ඇදෙන් පැන්නෙ මගේ ගමන් සගයා නින්දෙන් ඇහැරෙන්න කලින් නාගන්න, මොකද නාන්නෙ නැතුව කොන්ඩෙ කඩාදාලා පින්තූර වලට කැත නිසා වගේම ගමන් සගයා අවේලාවේ ඇහැරගත්තොතින් දහසකුත් එකක් උපදේශාත්මක කතා අහන්න වෙන නිසා ( එහෙම උපදේශාත්මක කතා පංචතන්ත්රෙවත් නෑ)
කොහොමින් කොහොමින් හරි කලින් දවසේ ලක ලැහැස්ති කරගත්තු බෑග් දෙකත් අරගෙන අපි දෙන්නා නමෝ විත්තියෙන් ගෙදරින් එලියට බැස්සා.
ඉතින් අපි මේ වගේ ගමන් යන්නෙ පාරෙ බස් එකේ,එතකොට කියවන තරමක් වල් පල් කියව කියවා ගමනාන්තයටම යන්න පුලුවන් නිසා.
ඔන්න මීටර් සීය රනින් ඉවෙන්ට් එකකට පස්සෙ නුවරඑලිය කොලබ බස් එකක් යාන්තමින් අල්ලගත්තා ඒ බස් එකේ ඉඩ තියෙන කොනක් අල්ලගෙන,ජීවිතේ මුල් වතාවට එයාව අද දැක්කෙ වගේ කියව කියවා තවලම්තැන්නට ආවා.
දුරගමන් සේවා බස් තේ බොන්න නවත්තන්නෙ තවලම්තැන්නෙ,අපි ගියපු බස් එකත් එතනින් නැවත්තුවා,අපි දෙන්නා බස් එකෙන් බැහැලා ලගම තේ කඩෙන් ටිකක් ලොකු රටකජු පැකට් දෙකකුයි පැනිසර දේවල් කීපයකුයි පරිස්සමට බෑග් එකට දාගත්තෙ ගමනෙ ඉස්සරහදි බලය ජවය ශක්තිය ඕනි වෙන නිසාමයි.
ඒ වැඩ ටික අහවර කරගෙන එතනම තිබුනු පොඩි බස් එකක නැග්ගා,මේක පූඩලුඔය බස් එකක්,මේ බස් එකේ පූඩලුඔය නගරයට කිලෝමීටරයකට කලින් බස් එකෙන් බැස්සා,ඒ හරියෙන් තේවතු මැදින් පාරක් තියනවා නුවරඑලියට.
කකුල් දෙකට වැදලා එහෙම කිලෝමීටර් 23 ක් විතර දුර ඒ මාර්ගයේ නුවරඑලියට පයින්ම යන ගමන ආරම්භ කලා.
ඔය පාර ආරම්භ වෙන්නෙ ඩන්සිනන් තේ වත්තට, තේ වත්ත හරහා ගමන හරිම සුන්දරයි,
ගමන ආරම්භ කරනකොට වෙලාව හරියටම උදේ 9.30 යි.
අවට කදුුපංතියම තවමත් මීදුුමෙන් වැහිල,මල් ගස් වල මල් තවම නිදි,හිරු එලිය බොහොම හෙමින් හෙමින් තමයි මෙහෙට එන්නෙ,





That was a beautiful day... 😍😍😍
ReplyDelete😘
DeleteNice❤
ReplyDeleteWow kanchi amazing
ReplyDeleteThank you
DeleteKeep writing Kanchi. This blog will surely make you walk through your golden memory lane one day.
ReplyDeleteThank u akki
Delete