සංචාරේ 1 - Lovers Leap දිය ඇල්ලට ගිය ගමන.
කලින් දවසේ ඩන්සිනන් වතුයාය හරහා නුවරඑලියට ඇවිල්ලා නතර වෙච්චි අපි දෙන්නා පහුවදා උදේම Lovers Leap බලන්න යන්න තමයි සැලැස්ම හදාගත්තෙ,
උදේම නවාතැනින් English breakfast තමයි අනුමත උනේ,මං කෙසේවෙතත් මගේ සගයා නම් බඩපුරා මේසෙ තිබිච්චි ඔක්කොම කෑම කෑවා මගේ උකුසු ඇසට අහුවුනා.උදේම කාලා උනුම උනු වතුරෙන් ඇගත් හෝදගෙන ගමනට සූදානම් උනා.
අපි නවාතැනින් නුවරඑලිය නගරයට ඇවිල්ලා එතනින් පෙඩ්රෝ වතුයාය ( Pedro estate) ආරම්භ වෙන තැනට ආවා,එදා නම් වැහිබර කාලගුනයක් තිබුනු දවසක්,කෝකටත් කියලා අපි දෙන්නම වැහිකබා අරගෙනයි ආවෙ
.
පෙඩ්රෝ තේවතුයායෙන් ගමන ආරම්භ උනා,ඩන්සිනන් වතු යායෙදි වගේම මෙහෙත් දිගටම මනාව පාලනය කරපු තේ වගාවක් තමයි තිබුනෙ,අපි දෙන්නා දිගටම ඇවිදගෙන ගියා,
නුවරඑලියට ආවේනික අපුශ්ප ශාකයක් වෙන සයිප්රස් පෙඩ්රෝ තේ වත්තෙ සුලභව දකින්න පුලුවන් උනා,
ඉස්සරහට යනකොට වැහිපොද එක දෙක බිම වැටෙන්න පටන්ගත්තා,දෙයියනේ කියලා ටිකිරි මොලේ කල්පනා කරලා අරගෙන ආපු වැහිකබා අපි ඇදගත්තා,ඒකෙන් ගමන පහසු උනා.
දිය ඇල්ලට ලං කරනකොටම විදේශික කාන්තාවක් සහ පිරිමි කෙනෙක් දිය ඇල්ල නරබලා අපසු එන ගමන් අපි දෙන්නටත් සුහද හිනාවක් දාලා ඒ දෙන්නා යන්න ගියා,වයස අවුරුදු 60 කට කිට්ටු ඇති,මම නම් කල්පනා කලේ අපේ රටේ අවුරුදු 60 ක ජෝඩුවක් කීයටවත් මේ ගමන එයි ද කියලා,ඒ දෙන්නා මුල ඉදන්ම ගමන පයිනුයි ඇවිදින් තිබ්බෙ,ඒ රටවල අය එහෙමයි ඒ තරම් ෆිට්නස් එකක් තියනවා.
ඉතින් ඒවත් කතා කරන ගමන් අපි දිය ඇල්ලට ලං උනා,
හපොයි දෙවියනේ අපි දෙන්නා විතරයි,
ඉතින් වචනයෙන් විස්තර කරන්න බැරි මාරම ලස්සන දර්ශනයක් තමයි ඒ දිය ඇල්ල.මේ දවස් වල වැස්සත් වැඩි නිසා වෙනදාට වඩා ලොකු දිය දහරාවක් තමයි ගලාගෙන ආවෙ.
දිය ඇල්ල වටෙන් පොඩි කන්දක් නැගලා කටුක ඒ වගේම ලිස්සන සුලු ගමනකට පස්සේ Lovers Leap දිය ඇල්ලේ මුදුනටම අපි දෙන්නා නැග්ගා,
සමහර තැන් වලදි එයා කලින් උඩට නැගලා මාව උඩට ඇදලා ගත්තා,තවත් සමහර තැන් වලදි මම උඩට නැගලා එයාගේ බෑග් එක ගත්තා එයාට පහසුවෙන් ඉහලට නගින්න,ජීවිත ගමනත් මේ වගේම නේද කියලා නිකමට වගේ මට හිතුනා,ජීවිත ගමනත් අවසාන වෙනකල්ම මේවගේ සහයෝගයෙන් ඉන්න හම්බුනොත් ඇති කියලා මගේ ටිකිරි මොලේ පොඩි ප්රාර්තනාවකුත් කලා.
දිය ඇල්ලේ උඩටම ගියාම පේන දර්ශනෙත් හරිම ලස්සනයි,මුලු නගරයම පේනවා,ගොඩනැගිලි පොඩි පොඩි ගිනිපෙට්ටි වගේ,,තේවතු යායටම වඩා අපි ඉහලින්..යේහ්................
ආයෙමත් පරිස්සමට දිය ඇල්ලෙන් පල්ලම් බැස්සා,
ආපු පාරෙම ආපහු ඇවිදගෙන ආවා නගරයට,එතනින් බස් එකක ගොඩවෙලා ආපහු ආවෙ නුවරඑලිය නගරයට,
දවල් කෑම කන වෙලාව උනත් මෙහෙට තාමත් කරුවලයි වගේම සීතලයි,
දෙන්නම හොදටම තෙමිලා,සපත්තු ඇතුලට වතුර ගිහින්,ඒ වගේම බඩගිනී,
කෑම ගැන මම ගැන හොයනවටත් වඩා හොදින් සීරුවෙන් හොයා බලන මගේ සගයා රසම රස පීසා කඩයක් ඒ වෙනකොට හොයාගෙන තිබුනා,
ඒකෙ නම " සල්මියා" පුන්චි උනාට විදේශිකයන් අතරේ ගොඩක් ප්රසිද්ද තැනක් කියලා තේරුනේ අපි යද්දි එතන හිටපු එක එක රටවල් වල විදේශික සංචාරයකයන් හින්දා,ඒ වගේම කලින් ආපු විදේශිකයෝ ලියලා තිබුනු ලස්සන ලියුම් දැක්කමයි.
ඉතින් වැහි කබා ගලවලා සපත්තු ගලවලා උනු උනු පිසා කන්න නමෝ විත්තියෙන් පටන් ගත්තා,
අම්මෝ...හරිම රස පීසා එකක්..
අපි දෙන්නා හිමින් හෙමින් ගොඩාක් වෙලා කාලා,අන්තිමේ අපි දෙන්නා විතරක් අවන්හ්ලේ ඉතුරු උනා,ඉතින් මොහොතකට අවන්හලේ හිමිකාරියත් එක්ක කතා කරන්න පුලුවන් උනා,
එයා මුස්ලීම් ජාතික කාන්තාවක් ඇත්තටම එයා දිරිය කාන්තාවක්,එයා තනියෙන්මයි ඒ රස පීසා එක හදන්නේ,ඉතින් එයා බොහොම සතුටෙන් අපි දෙන්නත් එක්ක පින්තූරෙකට පෙනී හිටියා.
ඉතින් බඩ කට පුරවගෙන ආයෙමත් නවාතැනට ගියේ උනුම උනු කෝපි කෝප්පෙකුත් ඇනවුම් කරගෙනමයි,උනුම උනු වතුර නාලා කෝපි එකක් බොන්න,
සීතල නුවරඑලියේදි උනුවතුරෙන් නාලා බැන්කට් එකක් පොරවගන්න එක ජීවිතේ ආශ්වාදජනකම හැගීම් වලින් එකක්..
ආයෙත් හමුවෙමු තවත් සංචාරයෙකින්
මේ ✒️ Kanchi....














නියමයි කංචි 😍😍😍
ReplyDelete😘😘😘😘 thanks hithayoo
Delete