සංචාරේ 2 - ලබු කැලේ සිට හපුතලේට ( To Haputhale from Labukele)
මේ චාරිකාව මගෙන් මගේ ආදනීය ගමන් සගයාට තෑග්ගක්,එයාගේ හැපි බර්ත් ඩේ එකට එයා කැමති විදිහේ පලාතක,රස කෑම එක්ක ලොකු කන්දක් නගින එභ්ක මන් එයාට දෙන්න හිතපු තෑග්ග,ඉතින් එයාට හොරෙන් තමයි හැමදේම සූදානම් කලේ,මේ ගමන යොදාගත්තෙ එයාගේ උපන්දිනයට කලින් දවසෙ,
ඉතින් ඔන්න දවස් කීපයකට කලින් මේ ගමන ගැන එයාට කියලාු එයාවත්ගමනට ලෑස්තිකරගත්තා,,
ඉතින් අපි දෙන්නා ආසම බස් එකේ ගිහින් පයින් යන්න නිසා ඒ විදියට තමයි ගමන සූදානම් උනේ,ඉතින් වෙනදා වාගෙම උදෙන් ලෑස්ති වෙලා මගට බැස්සා,,
ගමන ආරම්භක ස්තානයෙන්ම නුවරඑලිය බස් එකක් අල්ලගන්න අපිට පුලුවන් උනා,හැබැයි ටිකට් එක ගත්තෙ ලබු කැලේට,මම සූදානම් කරපු ගමන උනත් ඒකේ කන බොන කොටස් ප්ලෑන් කරන්නෙ මගේ සගයා නිසා අපි දෙන්නා තීරනය කලා ලබු කැලේ තියන හැමෝම දන්න ඉස්සර නම් මැක්වුඩ් තේ ෆැක්ටරිය උන වර්තමානයේ දම්රෝ ආයතනයෙන් කරගෙන යන දම්රෝ තේ ෆැක්ටරිය ලගින් බැහැලා තේ එක්කින් සප්පායම් වෙලා යන්න,මොකද ඒ වෙනකොටත් අපි උදේ ආහාරය අරගෙන තිබුනෙ නෑ.
ඉතින් නුවරඑලිය බස් එකෙන් ලබු කැලේ බැහැලා උනු උනු තේ එක්කිනුයි රසම රස කේක් කෑල්ලකිනුයි සප්පායම් උනා, yummy ඒ කේක් කෑල්ලෙ රස දැනුත් මේක ලියන මොහොතෙත් මතක් වෙනවා,මේ ගමනේ රසම කෑල්ල ඒ කේක් කෑල්ල.
ඔන්න ඉතින් උදේ කෑම අරගෙන අපි දෙන්නා තේ කම්හල ලගින්ම ආපහු බස් එකකින් නුවරඑලියට ගියේ එතනින් නානු ඔයට ගිහින් උඩරට මැනිකේ කෝච්චිය අල්ලගන්න,නුවරඑලිය නගරයට යනකොට කෝච්චියට තව වෙලාව තිබුන නිසා නගරය වටේ දෙන්නත් එක්ක කරක් ගැහුවා, අත්වැල් අල්ලගෙන සීතලම සීතල නගරයක් මැදින් යන එකත් ආශ්වාදජනකයි.
ඉතින් කෝච්චිය වෙලාව ලංවුන නිසා සීතල නුවරඑලිය හරහා නානුඔයට බස් රතයකට ගොඩ උනා,,කෝච්චියට විනාඩි කිහිපයක් තියෙදිදී නානුඔය දුම්රිය ස්තානයට ගියේ ඇවිදගෙන නෙමෙයි දුවගෙන,එතනට එනකොටම ඇදහැලුනෙ ටිකක් ලොකු වැස්සක්,අයහපත් කාලගුනය නිසා කෝච්චිය පරක්කු උනේ හරියටම පැය භාගයක්,
කොහොමින් හරි සෙනග පීරගෙන කෝච්චියට නැගගන්න අපි දෙන්නට පුලුවන් උනා,,,ඉදගන්න ඉඩක් තිබුනෙ නැති උනත් යාන්තම් දොරක් ලග ඉඩක් හොයා ගත්තා,,
උඩරට දුම්රිය මාර්ගයේ ගමනක් යන්න ලැබුනු එක හරිම ආශ්වාදජනක හැගීමක්,
අදුරු උමගවල්,ලස්සනම ලස්සන තේවතු, සීතලෙන් වැහිලා තිබුනු කදු පංති පහුකරගෙන අපි හපුතලේ දුම්රිය ස්තානයට ලගාඋනා..
ජීවිතේ පලමුවෙනි වතාවට තමයි මම නම් හපුතලේට පය තිබ්බේ,,හිතට නිකන් දැනුනෙ සීත රටකට ආවා වගේ හැගීමක්,හවස් වෙන්න තව හෝරා දෙක තුනක් තිබුනත් හපුතලේට සීතලත් එක්ක මීදුමක් ඇවිත් තිබුනා,
ඒක අමුතුම හැගීමක්..
මගේ ගමන් සගයා ගූගල් දෙවියන්නාන්සේගේ පිහිටෙන් මම කලින් වෙන් කරපු නවාතැන හොයාගෙන ගියා,
ඒක වෙනම සංචාරයක් කියලා හිතෙන තරමට පයින් ඇවිදගෙන ගිහින් ලගාවෙන්න තිබුන තැනක්,
නගරයෙන් ඈතට වෙන්නයි පිහිටලා තිබුනෙ,
අපි දෙන්නාගේ සැලසුම උනේ නවාතැනේ අපේ බඩු බෑග් තියලා සුන්දරඇඩිෂම් බන්ගලාව බලන්න යන එක..
ඇඩිශම්බන්ගලාවට අපි ගිය ගමනෙන් නැවතත් හමුවෙමූ
මේ ✒️ Kanchi.....










Comments
Post a Comment