සංචාරේ 2- ඇඩිශම් බංගලාවට ගිය ගමන

හපුතලේ නගරයෙන් ඈතට වෙන්න තිබුනු නවාතැනේ ඉදලා එදාදවසෙ අපි තීරනය කලේ ඇඩිශම් බන්ගලාව බලන්න යන්න,

වෙලාව ටිකක් හවස් වෙන්න ආසන්න වෙලා තිබුනත් අපි තීරනය කලා ඒ ගමන යන්න,ඒ වෙලාවට ඒ පැත්තට පොදු ප්‍රවාහන සේවය තිබුනෙ නැති නිසා නවාතැනේ හිමිකරු අපිට ඒ ගමනට ටුක් ටුක් එකක් ලෑස්ති කරලා දුන්නා.

ඉතින් ප්‍රදාන පාරේ හපුතලේ නගරයේ ඉදලා කිලෝමීටර හතරක් විතර ටුක්  එකේ ගිය අපි දෙන්නා එතන ඉදන් පයින්ම යන්න හිතුවා,මොකද ඒ වෙනකොටත් ඇඩිශම් බන්ගලාව පාර බොහොම ඝන මීදුමකින්හිලයි තිබුනේ,සීතලත් ඒ වගේමයි,

අයිස් තොප්පිය කන්දෙකත් වැහෙන්න දාගන්න මම නම් අමතක කලේ නැහැ,ටික දුරක් යනකොට මීදුම ටිකෙන් ටික පහ වෙලා ගිහින් ලොකු ගේට්ටුවකුත් එක්ක පතාක යෝදයෙක් වගේ පෙනීහිටියේ 'ඇඩිශම්බන්ගලාව' .මුහුදුමට්ටමේ ඉදලා අඩි 5000ක් උසින් පිහිටලා තිබුනු මේ අභිමානවත් ගොඩනැගිල්ල මට නම් සිගිගැන්වූවේ අපි පුංචි කාලෙ බලපු එන්ගලන්තෙ කතාවක්.


ඇඩිශම් බන්ගලාව මෙතන ඉදිකරලා තියෙන්නෙ වර්ශ 1931 ඉංග්‍රීසි ආන්ඩු කාලේ.


 දැනට ශාන්ත බෙනඩික් තාපසාරාමය විදියට ක්‍රියාත්මක වෙන ඇඩිශම් බංගලාව සංචාරකයින්ට ඇරෙන්නෙ සති අන්තයේ සහ රජයේ නිවාඩු දින වල විතරයි,ඒත් මහ සිකුරාදා සහ නත්තල් දවසේත් සංචාරකයින්ට ඇඩිශම් බලන්න යන්න හැකියාවක් නැහැ.


ඉතින් ප්‍රදාන ගේට්ටුවෙන් ඇතුලට ගියපු අපි දෙන්නා මුලින්ම දැක්කේ පල බර වෙලා තැබිලිම තැබිලි පාටට ගෙඩි ඇවිල්ලා තිබුනු දොඩම් ගහක්,ඉතින් වටේටම අපි දිහා බලාගෙන ලස්සනට හිනා උනේ එකඑක පාට රෝසමල්.

ඉති අපි බංගලාව ඇතුලටම ගිහින් නරබන්නත් අමතක කලේ නැහැ,ඒත් බංගලාව ඇතුලෙ නම් චායාරූප ගන්න එක තහනම්,

බංගලාව එලියේ ගල් බිත්තිවලින් හදලා තිබුන නිසා එලියේ තිබුනු දත්කට පූට්ටු වෙන සීතල දැනුනෙම නැහැ,එලියේ ගල්බිත්තිය බදාගෙන උඩට ගිහින් තිබුනු රතුම රතු වැල්‍ රෝස පදුර මට නම් මතක් කලේ ඇගතාක්‍රිශ්ටිගේ රහස්පරීක්ශක කතාපොතක තිබුනු බංගලාවක්.

ඇඩිශම් බංගලාවෙම නිශ්පාදනය කරන ජෑම් වර්ග බීම වර්ග ගන්න පුලුවන් තැනක් බංගලාවට වම් පැත්තෙ තිබුනා,හිරිගඩු පිපෙන සීතලේ උනත් සීතලම සීතල ස්ට්‍රෝබෙරි බීම එකක් බොන්න අපි අමතක කලේ නැහැ.

ඉතින් ඇඩිශම් නරබලා නවාතැනට එනකොට කරුවල වැටිලා,

හපුතලේ රෑට නුවරඑලියට වැඩියෙන් සීතලයි,නවාතැනේ බැල්කනියට වටේටම ලස්සනට විදුලි එලි පේනවා,


එදාදවස එහෙම අවසාන කලේ පහුවදා පාන්දරම තවත් ගමනකට ආරම්භයක් ගන්න හිතාගෙන.

ඊලග ගමන තවත් දවසක..

මේ ✒️ kanchi....

Comments