සංචාරේ 3 - ගැරඩි ඇල්ලට ගිය ගමන


 මේ ගමන යොදාගත්තේ විශේශම දවසක ඒ ඉතින් මගේ උපන්දිනය දවසේ,

ඔන්න ඉතින් පුරුදු විදිහට එයයි මමයි ගමන යන්න තීරනය කලේ කලින් දවසේ රෑ තමයි,මේක එක දවසේ සංචාරයක් නිසා අඩුමකුඩුම අරගෙන යන්න නම් උනේ නෑ,පොඩිම පොඩි බඩු ටිකක් තමයි අපි සූදානම් කරලා තිබ්බේ,

පහුවදා උදේම ගමන යන්න පිටත් උනා,අපි දෙන්නම කැමති සීතලම කන්ද උඩරට පැත්තට තමයි මේ පාරත් අපේ ගමන තීරනය උනේ,

උදේම රනින් ඉවෙන්ට් එක්කට පස්සේ නුවර බස් එකක් අල්ල ගත්තේ පේරාදෙනියෙන් බහින්න බලාගෙන,පේරාදෙනියෙදී බස් එකෙන් බැහැලා නුවරඑලිය බස් එකක් තමයි ඊලගට අල්ලාගත්තේ,ඉඩත් තිබුන නිසා අයිනක් අල්ලගෙන කාලෙකින් එදාම හමුවුන කෙනෙක් එක්ක වගේ කියව කියව ගමනේ මූලික ටික බස් එකේ ගියා, තවලම්තැතැන්න පහුවෙලා රම්බොඩ හරියෙ තියන Blue field තේ කම්හල ලගින් අපි දෙන්නා බස් එකෙන් බැස්සා,නුවරඑළිය කොලඹ ප්‍රදාන පාරේ තමයි Blue field පිහිටලා තියෙන්නෙ,

හරියටම උදේ 7.30 ට විතර ඇති,වටපිටාවම හරිම සීතලයි,



අපි දෙන්නම උදේ කෑම ගෙදරදී නොගෙනයි ආවේ, Blue field  වලින් උදේට කාලා උනුම උනු තේ එකක් බීලා ගමනට පිටත් උනා,

කොහෙන් පටන් ගෙන කොහෙන් කෙලවර වෙන ගමනක් ද කියලා නම් මම හරියටම දැනගෙන හිටියේ නෑ,හැබැයි මගේ ගමන් සගයා නම් හැමදේම හොයලා මගට බහින්නේ කියලා දන්න නිසා මම නිෂ්ශබ්දව හිටියා.


Blue field  වලින් ලගම තිබුනු තේ වත්ත දිගේ අපි දෙන්නා ගමන පටන්ගත්තා.


වැහි බර කාලගුනයකුයි වටේටම තිබුනේ,පොඩි පින්නකුත් එහෙන් මෙහෙන් වැටුනා,වට පිට තිබුන සීතලයි තෙත ගතියයි හින්දා හිතටත් මොකක්ද මන්දා සීතලක් දැනුනා,
වටේම තේ වතු එක්ක සමහරතැන් වල එලවලුත් වගා කරලා තිබුනා,
මාර්ගය නම් හැබැයි සුන්දර එකක් උනේ නෑ,,, කලාතුරකින් වගේ තමයි පුද්ගලයෙක් දෙන්නෙක් හම්බුනෙත්,හම්බුන අයත් තමන්ගේ ගමන් නවත්තලා,, "මුන්ට පිස්සුද?කොහෙද මේ වැස්සෙ මුන් යන්නෙ"වගේ හැගීමකින් අපි දෙන්නා දිහා බලන් උන්නා.

ටිකකින් පිනිපොද ගතිය අඩුවෙලා පොඩි අව්වකුත් එහෙන් මෙහෙන් පායගෙන ආවා,
හරිම ලස්සන පරිසරයක්,චූටි දියපාරකුත් තියනවා,වතුර ටික හරිම පිරිසිදුයි.
ඇදුම් ගෙනාවනම් නාගෙනම යන්න තිබුනා කියලා හිතුනා.




හොද අව්වක් පායලයි තිබුනෙ,වටපිටේම තේ වතු.


වටේට හම්බෙන අලුත් අලුත් ශාක වර්ග ගැන පොඩි ලෙක්චර් එක්කුත් දෙන ගමන් තමයි මම නම් ගියේ,මගේ ගමන් සගයට ශාක වර්ග ගැන හැම සංචාරයකදීම හම්බෙන්නෙ ලොකුම ලොකු දැනුමක් 😁😁😁😁😁
දැන් පැලයක් පෙන්නපු ගමන් ,අහ්..ඒ සෙලජිනෙල්ලා නේද???😁😁😁
කොච්චර හොදට අවබෝදවෙලාද කියනවා නම් කොස් පැලයක් පෙන්නුවත් සෙලජිනෙල්ලා ද කියලයි එයා අහන්නේ..😁😁

ටික ටික මහන්සි දැනෙද්දී ඈතින් පෙනුනේ හරිම ලස්සන දිය ඇල්ලක්,රම්බොඩ දිය ඇල්ල ආරම්භවෙන තැන ඉහල රම්බොඩ තමයි අපිට ඈතින් පෙනුනෙ.



මේක බලන්න නම් අපි දෙන්නා ගිය පාරෙන් පොඩි ප්‍රපාතාකාර බෑවුමකට බහින්න සිද්ද උනා.
නැවත්තත් හිටපු පාරටම කන්දක් නැගලා අපේ ප්‍රදාන ටාර්ගට් එකටයන්න ගමන ආරම්භ කලා.තේ වත්ත දිගේ ඉස්සරහට යනකොට අනපේක්ශිත වැස්සකටයි මූනදෙන්න උනේ,,

එහෙදී කාලගුනය මොහොතින් මොහොතට බොහොම ඉක්මනින් වෙනස් වෙනවා.ලස්සනම ලස්සන තේ ගස් සමහර තැන්වල එලවලු අපිට දැකගන්න හම්බුනා.


ඈතින් ජලාශ පෙනුනේ හරිම ලස්සනට.



කොහොමින් හරි අපි දෙන්නා තේවත්තේ උඩටම ගියා,උඩට යන්න යන්න සීතලත්,සුලගත් ඒ වගේම මීදුමත් එන්න එන්නම වැඩි උනා,මීදුම කොච්චරක්ද කියනවා නම් මට ලගම එහාපැත්තේ හිටපු මගේ සගයාව මට මගහැරුනු අවස්තා තිබුනා.


අවසානෙදී හිතන්නවත් බැරි අරුමපුදුම තැනක හරිම ලස්සනට පිහිටලා තිබුනේ අපි හොයාගෙන ගිය ගැරඩි ඇල්ල.
ඒක නම් හරිම ආස්චර්‍යමත්ම පිහිටීමක්, ඉහලින් තිබුනේ එලවලු වගාකරලාතිබුනු ලියදි,ලැයිම් ගෙවල්,ඒ අතරින් තේජස්ව ගලාහැලුනේ ගැරඩි ඇල්ල,මට නම් ඒක ඇස් අදහාගන්න බැරි දර්ශනයක්.










ඉතින් ගැරඩි ඇල්ල බලලා ආපහු ගෙදර එන්න පිටත් උනේ උදේ ආපු පාරෙන් නම් නෙමෙයි.
බොහොම කටුක කැලෑ පාරකින් තවලම්තැතැන්නට කදුසහිත මාර්ගයකින් පල්ලම් බහින්නයි තිබුනෙ,ලැයිම් ගෙදරක් පිරිමි කෙනෙක් නම් කිව්වෙ ගමනට විනාඩි 30 යි එයාලාට නම් යන්නෙ කියලා,හැබැයි අපි දෙන්නට නම් පැයකුත් විනාඩි 30ක් ගියා.ඒ ගමනෙදි නාකපන මහ වැස්සකට අපි දෙන්නට අහුවෙන්න උනා,අපි දෙන්නා විතරක් ඉන්න පතාර ගස්,බෑවුම් වැස්සට මගට වැටුනු ඉලුක් ගස් එක්ක මහම මහ ගිරිදුර්ගය බැස්සෙ කුඩත් ඉහලගෙන,
ඇස් කන්නාඩි දෙකට වාහනේ වගේ වයිපර් දෙකක් හයි කරගන්න තිබුනා නම් හොදයි කියලා කීපසැරයක්ම හිතුනා 😁😁😁😁.
ඉතින් සපත්තු මේස් වල කූඩැල්ලොත් එල්ලගෙන් අපි දෙන්නා තවලම් තැන්නට පල්ලම් බැස්සා,එහෙම අවදානම් පාරක ආවෙ ඇයි කියලා කල්පනා කලේ මහපාරට ආවටත් පස්සෙ,
බස් එකක් හ්ම්බෙනකල් අපි දෙන්නා පයින්ම ගියා,වේගෙන් ආපු නුවර නුවරඑලිය බස් එක බස් නැවතුමක් නැතුවත් ලොකු බ්‍රේක් එකක් ගහලා පාර මැද නැවැත්තුවෙ තෙමිච්චි කුකුලු දෙන්නෙක් වගේ ඉහේඉදන් පාදාන්තයටම පෙගිලා හිටපු අපිදෙන්නව දැකලා මන් හිතන්නෙ.
කොහොමින් හරි බස් දෙකක් ගමනකින් පස්සෙ කරුවල වැටෙද්දි මාවනැල්ලෙන් බැහැගන්න පුලුවන් උනා,
යකෝ නුවරඑලිය දාහෙන්සම්පතයි නෙ,වැස්සට මාවනැල්ල යට වෙලා,ලයිටුත් නෑ,
වටින් ගොඩින් කරුවල වැටෙද්දි තෙත බරියො දෙන්නෙක් වගේ ගේ ඇතුලට රින්ගගන්න අපි දෙන්නට පුලුවන් උනා,උනුසුම් නෑමකට පස්සෙ නැන්දම්මාතුමීගේ උනුම උනු රෑ කෑම එක සහභාහී වෙන්න බලාගෙන.


තවත් සංචාරයකින් හමුවෙමු.
මේ kanchi....



Comments