සංචාරේ 2 - Lipton Seat වෙත

 හපුතලේ සංචාරයේ දෙවැනි දවස තමයි ලිප්ටන් තේ වතුයාය නරඹන්න යන එක,

එදා අපි මේ ගමන පටන්ගත්තේ හපුතලේ අපේ නවාතැනේ ඉදලා,හරියටම පාන්දර 4.30 ට අපි දෙන්නා ගමන පටන්ගත්තා.ගෙදර ඉන්න දවසට එලාම් පහ හයක් වැදිලත් මලාක් සේ නිදාගන්න මම ගමනක් යන්න නම් ඇහැරෙන්නෙ එලාම් එකටත් කලින් ඒ දවසට මම මුලින් නැගිටලා එලාම් එක පරක්කු මොකද බලන්නෙ..😁😁😁

ඉතින් එදත් ඒ වගේ දවසක්,හපුතලෙන් පාන්දර 4.30 ට ආරම්භ උනු ගමනේ අපේ සහයට ත්‍රීරෝදරත මහත්මයත් හරියටම වෙලාවට ඇවිත් හිටියා,අපි දෙන්නා කරුවලේම ගමනට පිටත් උනා,

වෙලාව උදේ 5.30 විතර වෙනකොට අපිවත් අරන් ඉගිල්ලුනු ත්‍රීරෝදරතය දබේතැන්න තේ කම්හල ලග නතර උනේ අපි දෙන්නා එතන ඉදන් ලිප්ටන් වතුයායට මුලු දුරම පයින්ම යනවා කියලා තීරනයකරගෙන උන්නු නිසා,



වටින් ගොඩින් හෙමින් හෙමින් එලිය වැටිලා තේවතු යාය එලිය වෙනවා,හරිම සීතලකුත් දැනෙමිනුයි තිබුනෙ,මගේ ගමන් සගයාට නම් කිසිම සීතලක් නෑ වගෙයි හැසිරුනේ 😁

වටපිටාව හරිම ලස්සනයි,මද ආලෝකයත් එක්ක තේ දලුයි ඈතින් පේන කදු දර්ශනයයි හිතට මොකක්දෝ හැගීමක් අරන් ආවා, 



අපි දෙන්නම උදේට කෑම නොගෙනයි ආවෙ, 14 km දුර යන්න කෑම කෑවොතින් බැරි නිසා.

කදුකරයටම ආවේනික කහ පාට රෝසපාට මල් තේවත්තෙ තැනින් තැන පිපිලා ලස්සනම ලස්සන පරිසරයක් මැවිලයි තිබුනෙ,



අපි දෙන්නා වැඩි මහන්සියක් නැතුවම ලිප්ටන් සීට් ලගටම ගියා,,තේ වත්තේ පහලදී නොතිබුනු පුදුම සීතලක් මට නම් දැනුනෙ මගේ සගයට නම් තාමත් සීතලක් දැනෙන පාටක් නෑ..



ඉතින් එදා පොඩි අලුත් වැඩියා කිරීමක් නිසා සර් ලිප්ටන් නම් එතන හිටියේ නෑ වෙනද වගේ,,

එහාටයි මෙහාටයි එක එක ඇලයන්ට මං කැමතිම පින්තූර ටිකක් කැමරා කාචයේ දාගෙන එතනම තිබුනු පොඩි කඩේකට අපි දෙන්නා ගොඩ උනේ හොදටම බඩගිනි හැදුන නිසා,



එතනදි කාපු රොටී,කට්ට සම්බෝල එක්ක උනුම උනු තේ එක අමුර්තයක් වගෙයි මට නම් දැනුනේ,,

නැවතත් 7km ක ගමනකින් පස්සෙ අපි දෙන්නා දබේතැන්න තේ කම්හල ලගින් හපුතලේට යන බස් එකක් අල්ල ගත්තා,

උදේ කෑමට නවාතැනට එන්න පුලුවන් උනා ලස්සන ගමනකින් පස්සෙ.


තවත් ගමනකින් ආයෙත් හම්බෙමු...

මේ Kanchi...


Comments