සංචාරේ -1 ඩන්සිනන් වතුයාය හරහා නුවරඑලිය දක්වා
- සංචාරේ කලින් දවසෙ නතර කලේ ඩන්සිනන් දිය ඇල්ල අසලින්,එතන ඉදලා ගමන තමයි මෙතන ඉදලා ඉදිරියට....
ඉතින් මමයි මගෙ ගමන් සගයයි ඩන්සිනන් දිය ඇල්ල බලාගෙන තේ වතු යාය දිගේ ඇවිදගෙන ආවා,ඉර එලිය නැතිව නිදාගෙන හිටපු මල් එක දෙක දැන් ඇහැරෙන ගමන්.
උඩරට කදුකර සිරියා පරදන තේ දලු නෙලන ලදුනුත් කඩිනමින් තමතමන්ගේ සේවා ස්තාන වලට වාර්තාකරන ගමන්.
කිලෝමීරට ගනනාවක්ම එක දිගට තේ
![]() |
සුද්දා ලංකාවෙ diversity එකට කොයි තරම් හානියක්ද කරලා තියෙන්නෙ කියලා නිකමට හිතුනා,බ්‍රිතාන්‍යයන් මෙහෙම තේ වගා නොකරන්න මේ තැන් වල රූස්ස ගස් තියෙන්න ඇති කියලා අනුමාන කරමින් අපි දෙන්නා ගමනෙ ඉස්සරහටම ගියා.
ඉතින් ඔහොම යද්දි ඒ පැත්තට ආවේනිකයි කියලා හිතෙන ලස්සන මල් වර්ගයක් මුන ගැහුනා,ඒ පැත්තට ආවේනිකයි කියල කිව්වෙ අපේ පැතිවල මේ ජාතිය සුපුරුදු නැති නිසා,ඉතින් මගෙ ගමන් සගයගෙ බලවත් අකමැත්ත පිට උනත් මලක් දෙකක් කඩාගන්න නම් මම අමතක කලේ නැහැ.
දැන් වෙලාව දවල්ට කන වෙලාව,ඒත් බර කෑමක් කෑවොතින් ඉතුරු කිලෝමීටර ගාන යන්න නොවෙන හින්දා තවලම්තැන්නෙදි බෑග් වලට දාගත්තු රටකජු වලින් දවල් වේල පිරිමහගත්තා,මදිහරියට ගොඩක් වතුරබොන්න කියලා උපදෙස් ලැබුනේ මගේ ගමන් සගයගෙන්ම තමයි,
ඊලගට අපිට හම්බුනේ වතු නිවාස පේලියක්,ගෙවල් කීපයකින් ද්‍රවිඩ සින්දුත් ඇහුනා,ගෙවල් වල එලියෙ ඉන්න තලත්තෑනි කාන්තාවන් අපි දිහා "අනේ අපොයි" ලීලාවෙන් බලාගෙන හිටියා,පෙට්‍රලුත් මගෙ නම් වාහනෙත් මගෙ නම් කාටවත් ඇයි වේදනා කියලා හිතලා මම දිගටම ඇවිදගෙන ගියා,
දැන් නම් ඇවිදගෙන ආවා ඇතිත් වගේ,මගේ සගයට නම් එහෙම බවක් පේන්නවත් නැහැ,
කිකිලියාමාන රක්ශිතය මැදින් තමයි ඊලගට අපි ගමන් කලේ,ඒ හරියේ ගෙවල් නැහැ,ලස්සනට කප්පාදු කරලා නඩත්තු කරපු තේවතු,අතරින් පතර රූස්ස ගස්
මිනිස්සුත් හම්බවුනේ නැහැ.ඒ හින්දා අපි දෙන්නම දන්න සින්දුවකුත් හයියෙන්ම කියාගෙන ඉතුරු ටිකත් ගියා,
මගේ මූනේ අනේ අපොයි පෙනුම දැක්කම " ඔයාගෙ බෑග් එකත් ගන්නද? " කියලා එයා ඇහුවෙ ඇත්තටමයි,ඒත් ඉතින් අමාරුවෙන් හරි ටාගට් එකට යමුකො කියලා, " පිස්සුද ඒයි , මට මහන්සි නෑ කියලා කිව්ව නෙමෙයි කියවුනා"
ආපහු අපි මනුස්ස වාසයක් තියන හරියකට අවතීරන උනා,හුරතල් බල්ලො දෙන්නෙකුත් ඈතින්ම පෙනුන නිසා මහන්සිය බින්දුවටම බැස්සා,
කාලගුනේ නම් හොද නැති පාටයි,වටේටම කරුවල කරගෙන එන්නෙ වැස්සකට කියලා හිතුන නිසා කෝකටත් කියලා ගෙනාපු කුඩ අපි එලියට ගත්තා,
මෙන්න ටිකකින් වැස්සක් පටන්ගත්තා,වැස්සකට පුලුවන්ද අපිව නවත්තන්න,අපි දෙන්නා කුඩත් ඉහලගෙන ඉස්සරහටම ගියා,
තව පොඩ්ඩයි,අපිට ඕනි උනේ nuwaraeliya ප්‍රදාන පාරෙ නුවරඑලිය කියලා ලොකුවට කොන්ක්‍රීට් වලින් හදලා තියන නාමපුවරුව ලගට එන්න,
කොහොමින් හරි උදේ 9.30ට පටන්ගතු ගමන ටාගට් තැනට අපි හවස 4.30 වෙනකොට ලගා උනා,හරිටටම කිලෝමීටර 23ක ගමනක්..
එතනින් ආයෙමත් පොඩි බස් එහෙක නැගලා නුවරඑලිය නගරයට ගියේ අහුවෙන දෙයක් කාගෙන කාගෙන යනවා කියලා හිතාගෙන,ඒ තරම් ලොකු ලොකුම ලොකු බඩගින්නක්...
නුවරඑලියෙන් ආයෙත් හමුවෙමු
✒️ මේ Kanchi....












Comments
Post a Comment